ඇල්ල ප්‍රදේශයේදී 37 හැවිරිදි රුසියානු සංචාරකයෙකු මියයයි.

ඇල්ල ප්‍රදේශයේ පිහිටි ‘පුංචි සිරිපාද’ සංචාරක ආකර්ශනීය ස්ථානය නැරඹීමට ගොස් ආපසු එමින් සිටියදී 37 හැවිරිදි රුසියානු ජාතිකයෙකු රෝගාතුර වී මියගොස් තිබේ.

මෙම පුද්ගලයා සිය බිරිඳ සහ දරුවා සහ තවත් රුසියානු ජාතික යුවලක් සමඟ එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී රෝගාතුර වී රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

රුසියානු ජාතිකයාගේ මෘත ශරීරය බදුල්ල දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල සංචාරක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *