ආසන ගණනට මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවනවා – ප්‍රවාහන ඇමති

ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීම ප‍්‍රවේශපත‍්‍රයක් මිලට ගන්නා සෑම මගියෙකුටම තිබිය යුතු අයිතියක් බවත්, බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බවත් මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශී‍්‍ර ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන යාමට මේ දිනවල අවසර දී ඇත්තේ ආසන ගණනට පමණයි. ඒ කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය මැඩලීමේ සෞඛ්‍ය උපදෙස් අනුව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවරක් ලෙසින්.

කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ මෙතෙක් නොසලකා හැර තිබූ එම මගී අයිතිය ඉදිරියේදී තහවුරු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *