ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මතයි.

මෙම ක්‍රීඩකයා ඉකුත් 23 වැනිදා ඇඳිරි නීතිය ක්‍රියාතමකව පවතිද්දී තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය විසින් පරික්ෂාවට ලක් කර තිබේ. එම අවස්ථාවේ මෙම ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තිබුණු අතර එම චෝදනවාව මත පන්නල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. 25 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ෂෙහාන් මධුසංඛ 2018 වසරේදි බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමි කරගත් අතර ඔහු එම තරගයේදී කඩුළු ත්‍රිත්වයක්ද ලබාගත් ක්‍රීඩකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *