මැතිවරණය පැවැත්වීමට අදාළ නිර්දේශ අපක්ෂපාති ආකාරයෙන් ඉදිරිපත් කළා

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි අපක්ෂපාතී ආකාරයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පවසන්නේ කොවිඩ් 19 වෛරසයේ නව ව්‍යාප්තියක් සිදුනොවුවහොත් කිසිදු ගැටලුවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත්, වෛරස් ව්‍යාප්තිය පාලනයත් සමග රට යළි විවෘත කිරීම මගින් මහ මැතිවරණය පැවැත්වීමට අදාළ පසුබිම රට තුළ සැකසෙන බවත්ය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ කිසිදු දේශපාලන බලපෑමකට අනුව සිදු නොකළ බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඔහු අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *