ආසනයකට එක් මගියෙක් බැගින් රැගෙන යාමට සාමාන්‍ය බස් ගාස්තුව අර්ධ සුඛෝපභෝගී ගාස්තුවට සමාන කරන්න – ගැමුණු විජේරත්න

පවතින කෝවිඩ් වසංගත තත්වය පහව යනතෙක් බස් රථවල ආසනයකට එක් මගියකු රැගෙන යාමට නම් එක් පුද්ගලයෙකුගේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා, එනම් අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුවට සමාන වන සේ තාවකාලිකව වැඩිකරන්නැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටි. මේ පිළිඹදව තමා ලංකා ගමනාගමන කොමිෂන් සභාවෙන්ද ඉල්ලා සිටි බවයි ඒ මහතා පවසා සිටින්නේ.

ලබන 8 වැනිදා වන විට මේ සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබුණහොත් බස් රථ වල මගී ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම නිසා වෛරස් ව්‍යාප්තිය පැතිර යෑම වැඩිවිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *