Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ආර්ථික පීඩනය මධ්‍යයේ භෝජන සංග්‍රහ සහ ආහාරපාන ගාස්තු 15%කින් ඉහළට

ආර්ථික පීඩනය මධ්‍යයේ භෝජන සංග්‍රහ සහ ආහාරපාන ගාස්තු 15%කින් ඉහළට

පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ ඉහළ යන වියදම් සඳහන් කරමින් ආහාර සහ ඒ ආශ්‍රිත සේවාවන්හි මිල අප්‍රේල් 8 වැනිදා සිට 15%කින් ඉහළ දමන බව සමස්ත ලංකා භෝජන සංග්‍රහ හිමිකරුවන්ගේ සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය (AIBOCA) නිවේදනය කරයි.

ඊයේ (8) පෙරවරුවේ අම්බලමුල්ල, සීදූව ප්‍රදේශයේ හෝටලයක පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගමයේ සභාපති අකිල ජයරත්න කියා සිටියේ ආහාර, අමුද්‍රව්‍ය, ගෑස් සහ ඩීසල් මිල ඉහළ යාම මෙම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

මෙම කර්මාන්තය තුළ සෘජුව සහ වක්‍රව මිලියනයක පමණ පිරිසක් රැකියාවල නිරත වන බව පැවසූ ඔහු වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා මිල සංශෝධනය අවශ්‍ය බව අවධාරණය කළේය.

ඩීසල් ලබාගැනීමේ ගැටලු, මෑතදී 20.50%ක එකතු කළ අගය මත බද්ද (වැට්) ඉහළ දැමීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි සහ අනපේක්ෂිත විදුලි කප්පාදුව, වසර අවසන් වනතුරු සංදර්ශන නීතිය තාවකාලිකව අත්හිටුවීම ඇතුළු සංගමයේ සාමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් ජයරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සාධක සාමූහිකව රට පුරා උත්සව ශාලා සහ ආහාරපාන ව්‍යාපාර කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇති කර ඇති අතර, මිල වැඩිවීම වැළැක්විය නොහැකි බව ඔහු පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *