ආරක්ෂක ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික) මොස්කව්හිදී රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Vasily Osmakov හමුවිය.

මැයි 26 සිට 29 දක්වා මොස්කව්හි පැවති ආරක්ෂාව පිළිබඳ 1 වන ජාත්‍යන්තර සංසදය සහ ආරක්ෂක ගැටළු සඳහා ඉහළ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම රැස්වීම සිදු විය.

සාකච්ඡා අතරතුර දෙපාර්ශවයම කලාපීය සහ ගෝලීය ආරක්ෂක අභියෝග විකාශනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම යළිත් තහවුරු කරන ලදී. ප්‍රධාන මාතෘකා අතර යුධ-තාක්ෂණික සහයෝගීතාවය, ධාරිතා වර්ධන මුලපිරීම් සහ දෙරට අතර පුහුණු හුවමාරු ශක්තිමත් කිරීමේ අවස්ථා ඇතුලත් විය.

දැනට රුසියානු සමූහාණ්ඩුවේ සේවයේ නියුතු හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් ද නියෝජිතයින් දෙදෙනා සාකච්ඡා කළහ.

ශෝබිනි ගුණසේකර, උපදේශක මිහිරවි දිසානායක, උපදේශක දිනේෂ් කසාගල යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්ද මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *