ආනයනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළට

පවතින වෙළඳපොළ තත්ත්වයන් සහ විනිමය අනුපාතික උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ආනයනික කිරිපිටි මිල සංශෝධනය කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යන අතර කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යන බව සංගමය පැවසීය.

සංශෝධිත මිල ගණන් ඊයේ (20) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

කෙසේ වෙතත්, දැනට වෙළඳපොලේ ඇති ආනයනික කිරිපිටිවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සංගමය පැහැදිලි කළේය. ඉදිරි සතිය තුළ සංශෝධිත මිල ගණන් යටතේ නව තොග වෙළඳපොළට නිකුත් කරන බව එහි වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *