ආණ්ඩු පක්ෂයේ සහ එජාපයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද(02) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිත බව වාර්තා වන අතර මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරා ගැනිමට ද නියමිතව තිබේ.

රජයේ ඉදිරි වැඩපිළිවෙල හා හෙට(03) දිනයේ ආම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත වේ.

මේ අතරම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ද අද පස්රුවේ පැවැත්විමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *