අළු බඳුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බදුන ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලකුණු 49කින් ජයගැනීමට එංගලන්ත සමත්විය.

ඒ අනූව, 2023 අළු බඳුන ටෙස්ට් තරගාවලිය 2-2ක් ලෙස ජය පැරදුමකින් තොරව අවසන් විය.

පස්වෙනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 283ක් රැස්කළේය.

ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 295ක් රැස්කළේය.

ඉන් අනතුරුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 395ක් රැස්කළේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 334ක් පමණි.

අළුබඳුන තරගාවලියේ පළමු සහ දෙවන ටෙස්ට් තරග ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හිමිකර ගත්තේය.

තෙවන ටෙස්ට් තරගය කඩුලු තුනකින් ජය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර සිව්වන ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය.

ඊයේ අවසන් වූ තරගයේ විශේෂත්වය වූයේ සිය අවසන් ටෙස්ට් තරගය ට සහභාගි වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඔස්ට්‍රේලියානු අවසන් කඩුල්ල දවා ගැනීමට සමත්වීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *