අසත්‍ය පුවත් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය පොලිස් ක්‍රියාමාර්ග ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නානායක්කාර අමාත්‍යවරයා අනාවරණය කළේ රටේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

මෙවැනි අවස්ථාවක ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය ආතතියක් ඇති කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එවැනි පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස මම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නා.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් බොහෝ දුරට උල්ලංඝණය වන පරිදි නව කම්කරු නීතියක් නිර්මාණය කිරීම අමාත්‍යාංශය අවසන් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *