අශෝභන සිදුවීම් සහිතව අවුරුදු උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට එරෙහිව දැඩි පියවර

අවුරුදු උත්සවවලදී අසභ්‍ය සිදුවීම් සංවිධානය කරන සංවිධායකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බෞද්ධ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

එවැනි අවුරුදු උත්සව අවස්ථා පිළිබඳ තොරතුරු රැස්කිරීමේ විශේෂ කණ්ඩායමක් නිරත වන බවද ඔහු පැවසීය.

අශෝභන සිදුවීම් ඇතුළත් අවුරුදු උත්සව ස්ථාන කිහිපයක පවත්වා ඇති බවට බෞද්ධ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *