සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය සහ පොලිස් නිලධාරීන් සඳහා වන පොලිස්පති සහන දිනය නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කළේය.
ඒ අනුව, පොලිස් නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බැලීමට අදහස් කරන බ්‍රහස්පතින්දා (16) දිනට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය අවලංගු කර ඇත.
සිකුරාදා (17) දිනට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව පොලිසිය පැවසීය.


