අවදානම් තත්වයකදී සේවය ලබාදෙන ලංගම රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අමතර දීමනාවක්

රට තුළ පවතින වත්මන් තත්වය හමුවේ අවධානමක් ගනිමින් සේවය සඳහා වාර්තා කරන ලංගම බස්රථ රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට අමතරව දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ලංගම සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදී.

ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් තවදුරටත් ලබාදී සේවය ඇගයීම සඳහා පියවර ගන්නා ලෙසටයි මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *