අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අත්සන් 21,000ක් ගැහුවා – හිටපු ජනපති

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකස් කළ ලියවිලිවලට දින තුනක් පුරා අතේ දියපට්ටා එනතුරු තමාට අත්සන් 21,000 තැබීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01) පැවසීය.

හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමේ දී තමා දැඩි විරෝධය පළ කළ බවත්, ජනපති හා අගමැති අතර අර්බුදයක් ඇති කර ගත නොහැකි නිසා අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි දැඩි අකමැත්තකින් වුවද අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කරන්නට තමා කැමැත්ත දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එතුමා මේ බව පැවසූවේ පොළොන්නරුවේ පැවති විශේෂ මධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *