අද එජාපයේ ඉතුරු වෙලා ඉන්නේ බැංකු හොරකමට සම්බන්ධ අය විතරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව ඔහු මියයනතෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටීම බවත් පුද්ගලික ලාභ වෙනුවෙන් ඔහු වටා කිහිප දෙනෙක් රැඳී සිටින බවත් හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය අශෝක් අබේසිංහ මහතා පවසයි.

එතුමා පවසන්නේ පක්ෂයක අරමුණ බලයට පත් වීම සහ එලෙස ලබා ගත් බලය ජනතාව වෙනුවෙන් රැක ගැනීම බවත් පක්ෂයක නායකත්වයට එම කාරණා දෙකම ඉටු කිරීමට නොහැකිනම් ඉල්ලා අස්විය යුතු බවත්ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 69 දෙනාගෙන් 40ක් පමණ සිටින්නේ සමගි ජනබලවේගය සමඟ බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිරිව ඇත්තේ මහබැංකු හොරකම වැනි හොරකම් වලට සම්බන්ධ පුද්ගලයන් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *