අම්පිටියේ ශ්‍රී රාහුල

අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමියෝ අපවත් වෙති

මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ අද (17) උදේ අපවත් වූහ.

අපවත්වන විට උන්වහන්සේ වයස අවුරුදු 106 කි.

අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සමඟ එක්ව 1958 දී මහරගම සිරි වජිරඥාණ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී වූ ශ්‍රී රාහුල නාහිමියෝ මහරගම ධම්මසිරි, ගංගොඩවිල සෝම, ත්‍රීකුණාමලයේ ආනන්ද වැනි මහතෙරණුන් වහන්සේලා රැසකගේද ගුරුවරයා වූහ.

අපවත්වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය 19 වැනිදා (බදාදා) දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර, ශ්‍රී දේහය 19 වැනිදා බම්බලපිටිය වජිරාමයට වැඩම කරවනු ඇත.

අදාහන පූජෝත්සවය පෙබරවාරි 20 වැනිදා සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *