සජීවානි දිල්කා ලක්මාලි කරුණාතිලක මහත්මිය ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ විනිසුරුවරියක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (3) දිවුරුම් දුන්නාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි.
අභියාචනාධිකරණයේ පුරප්පාඩුවක් පිරවීම සඳහා කරුණාතිලක මහත්මිය මෙම තනතුරට පත් කර තිබේ.
ඇය මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කර ඇත.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාද සහභාගී විය.


