අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග -2022 (2023) ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට නව නියෝගයක් නිකුත් කර ඇත.
අමාත්‍යාංශයේ නිවේදනයට අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර රඳවා නොගන්නා ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.
ප්‍රවේශ පත්‍ර නොමැතිවීම හේතුවෙන් කිසියම් සිසුවෙකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම විදුහල්පතිවරයා විසින් දැරිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.