අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු විරෝධතාවයක

රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසකගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට එරෙහිව විරෝධයපාමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණ සිටිති. සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹි විරෝධතා පාගමනට සිසුහු 500 ක් දෙනා පමණ එකතු වී සිටින අතර මේ වනවිට ඔවුන් අමාත්‍යංශ භූමියේ රැදී සිටිති. උසස් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ සිසුහු 15 දෙනකු සාකච්ඡාවකට කැඳවීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *