අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට අදාළව සාකච්ඡාවක්

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිම කෙරෙහි රජය අවදානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ තීරණය කිරිම සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය හෙට (19) රැස්වීමට නියමිතව තිබේ.

අන්තර් පළාත් ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරිමට අදාළව සෞඛ්‍ය අංශවල අදහස් විමසීමටද නියමිතව අතර, කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ සීමාවන් සහිතව පවත්වාගෙන යන පොදු ප්‍රවාහණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමටත්, අන්තර් පළාත් ප්‍රවාහණ සේවාවන් සෞඛ්‍ය අංශවල අදහස් මත ආරම්භ කිරීමටත් ඒ අනුව පියවර ගනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *