අධ්‍යයන කටයුතු ආරම්භය පිළිබද ජපුර සරසවියෙන් නිවේදනයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වන දා ආරම්භ වන බවය.

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන ජනවාරි මස 1 වනදා සහ 2 වනදා යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු http://fhss.sjp.sc.lk යන පීඨ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සියලුම වසරවල සිසුන් සඳහා දේශන 2022 ජනවාරි මස 3 වනදා සිටි ආරම්භ කිරීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *