අද සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ

පසුගිය අප්‍රේල් 19 වන දින පස්වරු 4.00 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, අද (අප්‍රේල් 20) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මේ අතර, ඉදිරි පැය 36 තුළ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *