අද ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්…

පහත සඳහන් ප්‍රදේශවල හෙට (8) පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

  • කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය
  • මොරගස්මුල්ල
  • රාජගිරිය
  • ඔබේසේකරපුර
  • බණ්ඩාරනායකපුර
  • අතුල් කෝට්ටේ
  • නාවල
  • කොස්වත්ත
    රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට යාබද සියලුම මාර්ග
    කොළොන්නාව ජල පවිත්‍රාගාරයට ජලය සැපයෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *