අද උදෑසන 6 වන විට ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානා 07ක් චීනයේ සිට දිවයිනට

ඊයේ (27) පස්වරු 6 සිට අද උදෑසන 6 දක්වා වූ පැය 12ක කාලය තුළ චීනයේ ගුවන් තොටුපළ වල සිට ගුවන් සේවා තුනකට අයත් ගුවන් යානා 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානා වලින් ශ්‍රී ලංකාවට පැමිණි කිසිම ගුවන් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැත.

චීනයේ සිට පැමිණි, උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පරීක්ෂා කර බැලූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, එම සිසුන් රෝගයකින් නොපෙළෙන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙත යවා තිබේ. එමෙන්ම ගුවන් තොටුපළ සමස්ථ කාර්යය මණ්ඩලයම කොරෝනා වෛරසය පිළිබඳව ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් , මුඛ ආවරණ ද පැළද තම රාජකාරී ඉටු කරන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *