අතුරුදන්ව සිටි ගැහැණු දරුවන් තිදෙනා නිවෙස්වලට පැමිණෙයි

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ  කෙසෙල්වත්ත ප්‍රදේශයේ  බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පසුගිය (08) ඔවුන් නිවෙස්වලින්  අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඔවුන් වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *