අතරමැදි ශ්රේණිවලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධව අධ්යාපන අමාත්යාංශයෙන් දැනුම්දීමක්

මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අධ්යාපන අමාත්යාංශය පවසන්නේ ජාතික පාසල්වල අතරමැදි ශ්රේණිවලට ළමුන් ඇතුළත් කර ගැනීමට අමාත්යාංශය ලිපි නිකුත් නොකරන බවයි.
අයදුම්පත්රය ලියාපදිංචි තැපෑලෙන් සෘජුවම අදාළ පාසලට යැවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

