කොරෝනා

කොරෝනා සුවවූ අයෙක්ට නැවතත් කොරෝනා වැළදේ

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පුද්ගලයා පසුගිය මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා අංගොඩ IDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී, අනතුරුව කොරෝනා රෝගයෙන් සුවපත් වී ඇති බැවින් අප්‍රේල් මස 17 වන දින සිය නිවසට නැවතත් පැමිණ තිබේ. හදවත් රෝගියකුද වූ මොහු නිවසේ සිටත් නිරෝධායන කටයුතු වල නිරත වී ඇති අතර පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී එම කරන ලද PCR පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ රෝගියාට නැවතත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි. ඉන් අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවතත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *