ළහිරු කුමාර CPL තරගාවලියට එක්වීමට කැරිබියන් දූපත් බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ නයිට් රයිඩර්ස් (TKR) කණ්ඩායම සමඟ එක්වීම සඳහා කැරිබියන් දූපත් බලා පිටත්ව යමින් සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ දේශීය තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ළහිරු කුමාර එම කණ්ඩායම සමඟ එක්වීමට ගමන් කරමින් සිටී.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායම සමඟ රතු පන්දු තරග සඳහා ක්‍රීඩා කිරීමට යෝජනා වී තිබූ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ සඳහා අවශ්‍ය විරෝධතා නොමැති සහතිකය (NOC) ඔහුට ලබා නොදීම හේතුවෙන් ඔහු හැම්ප්ෂයර් කණ්ඩායම සමඟ එක් නොවන බව වාර්තා වේ.

වෙල්ලාලගේට NOC ලබා නොදීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

2026-27 තරග වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයන් අතර සිටින වෙල්ලාලගේ, හැම්ප්ෂයර් කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු ලෙස එක්වීමට නියමිතව සිටියේය.

කෙසේ වෙතත් NOC සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හේතුවෙන් ඔහුගේ හැම්ප්ෂයර් කණ්ඩායමට එක්වීමේ සැලසුම මේ වන විට අත්හැර දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *