Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හෙළිකොප්ටර් නඩුවෙන් තාඹුගල නිදහස්

හෙළිකොප්ටර් නඩුවෙන් තාඹුගල නිදහස්

හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ දී රුපියල් කෝටි 07 ක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරු නඩුවේ කෝටිපති ව්‍යාපාරික ,අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය  නියෝග කළාය.

සැකකරුට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමේ හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා නිකුත් කර ඇති නියෝග පරිදි සැකකරු නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

විරංපිත් තාඹුගල මහතාට එරෙහිව පණවා තිබු විදේශ ගමන් තහනමද ඉවත් කරන බවට මහෙස්ත්‍රාත්තුමිය දන්වා සිටියාය.

හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක මුදලක් වංචා කළ බවට අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්ත මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පැමිණිල්ල සැකකරු සම්බන්ධයෙන් ද්වේශ සහගතව පවරා ඇති බවය. එවකට ඉහළ පෙළේ දේශපාලනඥයින් පිරිසක් සැකකරු සමග අමනාපයෙන් සිටින බවද පැවසීය.

මෙම කරුණු දැක්වීම්වලට අදාළව විරංපිත් තාඹුගල මහතා විසින් පැය 15කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්තුමිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමද සිදු කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *