හෙරොයින් ප්‍රවාහණය කළ දෙදෙනෙක් පිටකොටුවේ දී අත්අඩංගුවට ගැනේ

පිටකොටුව රෝහිණී පටුමඟ ප්‍රදේශයේදී යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 66 ක් සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් අම්බලන්ගොඩ සහ පිටකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද සඳහන්. සැකකරුවන් අද (22) මාළිඟාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *