හුදෙකලා කෙරූ ගෆුර් ගොඩනැගිල්ලේ නාවික හමුදා සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබේ

පසුගියදා කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබළෙක් වාර්තා වීමත් සමගම හුදෙකලා කරනු ලැබූ කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද (30) දිනයේදී ලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී.

එම නාවික සෙබළුන් 220 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුට Covid-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *