වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය යළි පණ ලබයි (PHOTOS)

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණයෙන් අනතුරුව ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මෙම කටයුත්ත සිදු කළ බව විමල් වීරවංශ මහතා පවසා සිටියා. ඔහු මේ බව සදහන් කර සිටියේ වාලච්චෙන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කඩදාසි නිපදවන යන්ත්‍රය පරීක්ෂණ මට්ටමින් සිදු කළ “ප්‍රථම කඩදාසි නිෂ්පාදනය” නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේදීයි.

වැඩිදුරත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටියේය, 1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙරට අමිල ජාතික සම්පතක් වූ ජාතික කඩදාසි සංස්ථාව මීට ඉහත දී ඉතා අවාසනාවන්ත ලෙස වැසී යාමට සලස්වා තිබුණු බවයි. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඞ් බදියුදීන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ජාතික සම්පත ඈවර කිරීමට කටයුතු යොදා තිබුණු බවත්, එමගින් මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත‍්‍ර සූත‍්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් ඉඩකඩ ලබා ගෙන තිබුණු බවත්ය.

Image may contain: 2 people, people sitting, people standing and weddingImage may contain: 1 person, outdoorImage may contain: 1 person, sitting, indoor and outdoorImage may contain: one or more peopleImage may contain: 2 people, people standingImage may contain: 1 person, outdoor and indoorImage may contain: tree, sky, house, plant, cloud, grass, outdoor and nature

Leave a Reply

Your email address will not be published. Required fields are marked *