මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 8 ක් වේ.
මේවන විට මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 775ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, සුවය ලැබූ 781ක් රෝහල් වල සිට නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.