ගොඨාභය රට හදන හැටි

‘හිස්බුල්ලා හෝ රාසික් ගෝඨා සමග නෑ’ – මඩ ව්‍යාපාර ප්‍රතික්ෂේප වෙයි

විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරමින් අද (13) නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ.එල්.එම්. හිස්බුල්ලා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසියක් ලබාදීමේ අරමුණින් සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ රාසික් නමැති තවුහිද් ජමාත් සංවිධානයේ නායකයකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රකාශ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.