පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී ඒ.එච්.එම්.ඒ. හිස්බුල්ලා ‘හීරා පදනම” වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් කිරීම නීති විරෝධී බැවින් එම කාලසීමාවට අයත්ව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා අතීතයට බලපැවැත්වෙන පරිදි නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා තිබේ.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ ආංශික කාරක සභාව ඇතුළු ආයතන විසින් කරන මුදු කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන නීතිපති දප්පුල ද ලීවේරා විසින් එසේ දැනුම් දී ඇත. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ ආංශික කාරක සභාවේ සභාපති මභාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී එය නිවැරැදි බව පැවැසූ අතර එම ලිපියේ පිටපත් තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට පියවර ගත් බවද කීවේය.
ඒ.එච්.එම්. හිස්බුල්ලා පුනානිහි වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවන බවට 2013දී වෘත්තීය පුහුණු අධිකාරිය සඳහාත් ඉන් පසුව ආයෝජන මණ්ඩලය සමඟත් ගිවිසුම් අත්සන් කිරීම නීති විරෝධී බව එලෙස නීතිපතිවරයා විසින් කථානායකවයාට දැනුම් දී තිබේ.