හිටපු රූපවාහිනී සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබූ රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් (DG) දේවප්‍රිය අබේසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔවුන් දෙදෙනා අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රුපවාහිනී සංස්ථාවෙන් වැටුප් ලබමින් සිටියදී අනුමත රූපවාහිනී සංස්ථාවේ සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයන් හය දෙනෙකු බඳවාගෙන හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. මෙම පියවරෙන් රජයට රුපියල් මිලියන 14.32 ක පාඩුවක් සිදුව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *