හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක කොළඹ අපරාධ කොට්ඨාසයට

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය ප්රකාශයක් ලබාදීම සඳහා අද (20) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට පිළිබඳ විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබා දීමටයි. මේ අතර නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මෙම සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ(19) ප්රකාශ සටහන් කරගත්තේය.
