හවුලේ ආණ්ඩුවට එකඟ නොවන බව සජිත් පවසයි.

ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සහභාගී වූ ජන රැලිය සහ විරෝධතා පා ගමන (22) ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි.

ඇඹිලිපිටිය‍ බෝධිරාජ විහාරස්ථානය අසලින් ආරම්බ කරන ලද මේ විරෝධතාවය සදහා විරෝදතා කරුවන් ඒක්ව සිටියහ.

විරෝධතාව ආරම්බක ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා විරෝධතා කරුවන් සමග පා ගමනින් පැමිණ ඇඹිලිපිටිය නගරයේදී විරෝධතා ජව රැලිය පවත් වන ලදී

අනෙක් පක්ෂ සමග කිසිසේත් ආණ්ඩු සෑදීමට කැමති නොවන බවත් එසේ වන්නේ නම් තමන් විශ්‍රාම යෑමට සූදානම් බවද කීය තනි පක්ෂයක් වශයෙන් ආණ්ඩු ජනතා කැමැත්තෙන් හදන බව ද ඔහු පැවසීය.

‘ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් අපි සතුව තිබෙනවා. හොර පොහොට්ටු එක්ක ආණ්ඩු ගිවිසුම් නෑ. රටට පෙන්නන්න හොරු එක්ක ඩීල් ගහන්න එපා කියන එක පෙන්නනවා’ යයිද හෙතෙම පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *