හරීන් හතුරුසිංහට යන්න කියයි

එළැඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සිය ධූරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඉවත් වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බව ද ඇමැතිවරයා ලිඛිතව දන්වා ඇත.
බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට පමණක් ඔවුනට කටයුතු කිරීමට අවසාන අවස්ථාව ලබාදී ඇති අතර ලෝක කුසලාන පරාජයට පෙර සිටම මෙම පුහුණූකුරුවන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා සාකච්ඡා කර තිබිණි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තනතුරුවලින් ඉවත්වීමට සූදානම් නැති බවයි.

(Image – Daily FT)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *