Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හම්බන්තොට වරායෙන් ආනයනය කළ වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණූ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට වරායෙන් ආනයනය කළ වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණූ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට වරාය හරහා මෙරටට ආනයනය කරන ලද වාහනවලට අයත් ස්මාර්ට් යතුරු සොරකම් කර අලෙවි කළ බව කියන ජාවාරමක් සම්බන්ධයෙන් හම්බන්තොට වරායේ සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වරාය ආරක්ෂක නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී ආනයනය කළ වාහනවලින් ස්මාර්ට් යතුරු සොරකම් කළ බවට සැක කෙරෙන වරාය සේවකයෙකු හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සේවකයා සොරකම් කළ ස්මාර්ට් යතුරු කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර ඇති බවයි.

වාහනයේ වර්ගය අනුව එක් ස්මාර්ට් යතුරක් රුපියල් 6,000ක පමණ මුදලක සිට අලෙවි කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මාස කිහිපයක් පුරා ස්මාර්ට් යතුරු 45කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එම ජාවාරමෙන් සැකකාර සේවකයා රුපියල් මිලියන 1.5කට වැඩි මුදලක් උපයාගෙන ඇති බවට සැක කෙරේ.

සේවකයාගෙන් ලබාගත් තොරතුරු මත සොරකම් කළ යතුරු මිලදී ගත් බව කියන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබූ ස්මාර්ට් යතුරු කිහිපයක්ද සොයාගෙන තිබේ.

හම්බන්තොට වරාය හරහා වාහන ආනයනය කිරීම ආරම්භ කළ කාලයේ සිටම මෙම ජාවාරම ක්‍රියාත්මක වී තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශකයන්ගේ අවධානය යොමුවී තිබේ.

සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 11 වැනිදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *