Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් ලබාගැනීමට රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් ලබාගැනීමට රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක්

ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රයක් ලබාගැනීම සදහා රුපියල් මිලියන 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ් චන්ද්‍රසිරි මහතා විසින් ඊට අදාල චෙක්පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (24) දින බාරදෙන ලදි.

විදේශයන් හි සිට මත්තල ගුවන්තොටුපලින් පැමිණෙන ගුවන් මගීන්ගේ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ සේවයේ නියුතු සේවකයන්ගේ PCR පරීක්ෂණ කටයුතු සදහාත්, දකුණූ පළාත තුල සිදු කරන PCR පරික්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීම සදහාත් මෙම PCR යන්ත්‍රය යෙදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

රුපියල් මිලියන 10 කට අදාල මෙම චෙක්පත ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල‌ට බැර කරන අතර, ඉදිරි සති 03 ඇතුලත මෙම PCR යන්ත්‍රය හම්බන්තොට මහ රෝහලේ ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු සදහා යෙදවීමට නියමිතය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, , සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරිය ආරච්චි යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *