LK reports news sinhala

හතුරුසිංහ ගැන පරීක්ෂණයක් – ලක්ෂ 80ක මාසික වැටුප තවමත් අතට

තාවකාලික තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් පරික්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංතා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියක් පවසා ඇතැයි වාර්තා වේ.

එංගලන්තයේදී පසුගිය ජුලි මස අවසන් වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වයෙන් පසුව හතුරුසිංහගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන් පසුව හතුරුසිංහට චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට ඔහු විසින් දින 14ක් තුළ පිළිතුරු සපයා තිබිණි.

හතුරුසිංහ සම්බන්ධ පරීක්ෂණය සඳහා විශ්‍රාම ලත් විනිශ්චයකාරවරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවේ.

හතුරුසිංහගේ ඉවත්කිරීමෙන් පසු වේග පන්දුයවන පුහුණුකරු රුමේෂ් රත්නායක ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කෙරිණි. හතුරුසිංහ ඉවත් කළද ඔහුට ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධූරයට හිමි රුපියල් ලක්ෂ 80කට ආසන්න මාසික වැටුප පසුගිය අගෝස්තු සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවනු ලබයි.

හතුරුසිංහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් කර ඇති ගිවිසුම ලබන 2020 වසරේ දෙසැම්බර් 31 දක්වා වලංගු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට පෙර ගිවිසුම අවලංගු කරන්නේ නම් රුපියල් කෝටි 10ක පමණ මුදලක් ඔහුට ගෙවීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *