හකීම් සමග අපි එකතු වෙන කතාව බොරුවක්, කිසිදු සාකච්ඡාවක් සිදු වී නෑ – ජවිපෙ

Share this Article

ඊයේ (23) දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ 29 වන ජාතික නියෝජිත සම්මේලනය අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් කරනු ලැබූ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටිනවා.

රාවුෆ් හකීම් මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ “එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවත් ඒ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බව”ත්ය.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර බවත් එය හුදු රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා ගේ අදහසක් පමණක් බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ.

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බවත් මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති බවත් එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය වශයෙන් බවත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර සිටින්නේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.