මඩකලපුව ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව ඊයේ(27) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම්ට චෝදනා කර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බව කියමින් එම ක්‍රියාකලාපය ඇමැතිවරුන් කිහිපදෙනකු විසින් විවේචනය කර ඇත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කරගැනීම බව පවසා ඇත.
(උපුටා ගැනීම – ලංකාදීප)