LK reports news sinhala

හකීම්ගේ අමාත්‍යංශයේ රෙදි කෝප් කමිටුවේදී ගැලවෙයි

ඇමැති රවුෆ් හකීම් යටතේ පවතින ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් 85 දෙනකු අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් ලෙස පත්කර ඔවුන්ට වැටුප් වශයෙන් රුපියල් කෝටි 16කට වැඩි
මුදලක් ගෙවා ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ගෙවීම් කර ඇතැයි පැවසෙන්නේ 2015 වසරේ සිට වන අතර එවැනි අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් 35  දෙනකු තවමත් සිටින බවත්, ඔවුන්ගෙන් එක් අයකුට ඉන්ධන දීමනා ඇතුළුව රුපියල් 265,000ක මුදලක් වාර්ෂිකව ගෙවනු ලබන බවත් එහිදී අනාවරණය විය. කෝප් කමිටුවට පසුගියදා කැඳවනු ලැබ සිටි නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ හා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ.අන්සාර් යන නිලධාරීන්ගෙන් මේ බව හෙළි විය.

අදාළ අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් ඉටුකරන වැඩකටයුතු පිළිබඳව කිසිවක් සඳහන් නොවන බැවින් වහාම ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙන ලෙස කෝප් කමිටුව ඔවුන් දෙදෙනාට නියෝග කර ඇත.

මේ අතර ජල සම්පාදන මණ්ඩලය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබූ විගණන වාර්තා හයකට එම මණ්ඩලයේ ප්‍රධානීන් පිළිතුරු දී නැති බවද කෝප් කමිටුව හමුවේ හෙළිදරව් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *