Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

එංගලන්තය සිය රටේදීම අසරණ වෙයි

එංගලන්තය සිය රටේදීම අසරණ වෙයි

එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 67කට සියලු දෙනා දැවී ගියේය. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 179ක් ලබාගැනීමෙන් පසුවය.

එංගලන්තය වෙනුවෙන් ජේ.ඩෙන්ලි රැස්කළ ලකුණු 12 එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 9කට වඩා රැස් කරගැනීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. 1948න් පසු අළු බඳුන තරගාවලියකදී එංගලන්තය රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. එංගලන්ත ඉනිම සුනු විසුණු කර දැමූ ඕස්ට්‍රේලියාවේ ජොස් හෙසල්වුඩ් ලකුණු 30කට කඩුලු 5ක් දවාගත්තේය. පැට් කමින්ස් කඩුලු 3ක් බිඳ දැමීය.

තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 283ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු 4ක් අතැතිවය. ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම වෙනුවෙන් මානස් ලබුස්චේන් නොදැවී ලකුණු 53ක් ලබාසිටී.

අළු බඳුන තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාව ජයගත් අතර දෙවැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *