Gun

හංවැල්ල ප්‍රදේශයේ වෙළදසැලක් තුළදී ආහාර වෙළෙන්දෙකු වෙඩි තබා ඝාතනය කරයි.

හංවැල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ආහාර අලෙවිසැලක් තුළදී 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ආහාරපාන අලෙවිසැලේ හිමිකරු මියගොස් ඇති බව ඔවුන් සඳහන් කළේය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, ඊයේ රාත්‍රියේ කළුතර බස් නැවතුම්පොළ අසලදී 30 හැවිරිදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබුණා.

මියගිය පුද්ගලයා කළුතර දකුණ ප්‍රදේශයේ අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *