ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධව චමුදිත සමරවික්‍රමගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී.

ව්‍යාපාරික සහ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා චමුදිතගෙන් පැය දෙකහමාරක ප්‍රකාශයක් සටහන් කර ගත් බව ඔහු පැවසීය.

සිද්ධිය වූ දිනයේම ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක සමඟ යූ ටියුබ් නාලිකාවක විනාඩි 40ක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බව පදනම් කරගෙන චමුදිතගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *