හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාඳුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
43 හැවිරිදි පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරු බව කියන 22 හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදියකින් නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට ගිනි අවියක් තබා බිය කර දුරකථන ඇමතුමක් ලබා දී එම අවස්ථාවේ නිවසේ නොසිටි පස් ව්‍යාපාරිකයා නිවසට ගෙන්වාගෙන මෙලෙස ඝාතන සිදු කර ඇතැයි හෙළිවී ඇත.